Tuesday, December 31, 2019

මුරුත්තෙට්ටුවේ හිමි රාජිත බලන්න ගිය ඩීල් එක GMOA හෙලි කරයි


රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් හරිත අලුත්ගේ මහතා මහතා සඳහන් කළේ අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙලි කල යුතු බවත් ලේකම්වරයා කියා සිටියේය.

එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තමා රෝහලට ගියේ ගියේ කුමන්ත්‍රණයකට හෝ පණිවුඩ රැුගෙන නොවන බවත් තම යුතුකම වෙනුවෙන් පමණක් බවත්ය.


Source: Lanka C News

Labels:

Monday, December 30, 2019

ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා


මෑතකදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්වා පැමිණීම ඉතා හොඳ වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ ආකාරයේ වැඩ කටයුතු සඳහා තමන් දෙවරක් ආචාර කරන බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා පත් වී ඉතා කෙටි කලක් නිසා ඔහුට ඔහුගේ වැඩ පෙන්වීම සඳහා අඩුම තරමේ වසර දෙකක කාලයක් වත් ලබා දිය යුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ වේදිකාවේදී තම අපේක්ෂකයා දිනවීම සඳහා ඕනෑම දෙයක් තමන් ඇතුළු ඕනෑම දේශපාලඥයෙක් පැවසීම සාමාන්‍ය දෙයක් බවත් රාමනායක මහතා කියයි.

එසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපතිවරයාට තම කාර්යභාරය කිරීමට යම් කාලයක් දිය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

Source: Lanka C News

Labels:

ලෙඩ පිටින්ම රාජිත සිංගප්පූරුවට පනින්න සැලසුම්.. එතැනින් අතුරුදහන්


හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී හිටපු ඇමතිවරයා කළ දූෂණ චෝදනාවක් නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බවය.

දැනට ඔහුගේ අසනීප තත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇතැයිද ජයසුමන මහතා කියා සිටියේය.

යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

Source: Lanka C News

Labels:

රාජිත ඇප මත නිදහස් කෙරේ.. වැලිකඩ මොහොතක්වත් නෑ


අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර මන්තිී‍්‍රවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි නියෝග කලේ.


Source: Hiru News

Labels:

බන්ධනාගාර රෝහලට ගියොත් GMOA භාරයේ.. ඒක අවදානම් - රාජිත කියයි


රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ගියහොත් ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ග්‍රහණයට හසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

හිටපු ඇමතිවරයා එවන් අවදානමකට ලක් කල නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවේ සැකකරුගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

හිටපු ඇමතිවරයා දැනට නාරාහෙන්පිට ලංකා පුද්ගලික රෝහලේ රැඳී සිටින්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා දැනට ටික කලකට පෙර මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සිංගප්පූරු රෝහලකින් හෘද සැත්කමක් කර ගත එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බවත් ලංකාවේ රෝහලකදී තමන් ඝාතනය කිරීම සාත්තුසේවකයෙකුට වුවත් සුළු කරුණක් බවය.

Source: Lanka C News

Labels:

19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්.. එය ඉවත් කිරීමට අවශ්‍යයි - ජනාධිපති

gossiplanka

ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දි මේ අදහස් පළ කළේය.

ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය.

“සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක්” ජනාධිපතිතුමා පැවසීය. රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බව ද අවධාරණය කෙරිණි.

“රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබියදී 2015 දී පැවති රජය පරාජයට පත් විය. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතුය.” නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළයුතුය. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතුය. රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසිය.

අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතී. එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධවක් වී තිබේ. මෙය ඉවත් කර ගැනිමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බව ද ජනාධිපතිතුමා කීය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

Source: Lanka C News

Labels:

Sunday, December 29, 2019

රාජිතගේ තත්ත්වය අසාධ්‍ය බවට වෛදවරුන් කියයි - බන්ධනාගාර රෝහලට මාරු කිරීම නවතියි


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට මාරුකර යැවීම නවත්වා ඇති බව වාර්තා වනවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන්.

හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ නිර්දේශ අනුව හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේනපිට පුද්ගලික රෝහලේ සිට ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට අද (29) දහවල් අවශ්‍ය කටයුතු සුදානම් කෙරුණා. ඒ අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සහ ගිලන් රථයක් නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල වෙත පැමිණියේ දහවල් 2.00ට පමණ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකිරීම නතර කිරිමට පියවර ගත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වෙනිදා නියෝග කරනු ලැබුවා.

Source: Neth News

Labels:

අපව මෙහෙම බය කරන්න එපා.. කෙලින්ම හිරේ දාන්න.. රාජිතත් හොදටම බයවෙලා


වත්මන් ආණ්ඩුවද තම ආණ්ඩුව කටයුතු කළ ආකාරයට දේශපාලන පළිගැනීම් ආකාරයෙන් කටයුතු සිදු නොකළ යුතු බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග සඳහන් කරයි.

සියම් පුද්ගලයකු වූ වැරැද්දක් ඇත්තේ නම් මාධ්‍ය සංදර්ශන නොකියා කෙලින්ම හිරේ දාන්න යැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිගේ සුවදුක් බැලීම සඳහා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ගොස් එන එන අවස්ථාව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන් හිරේ දමාවි යයි හිටපු ඇමැති රාජිත සේනාරත්න බියපත් වී තිබෙන නිසා ආතතිය ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරයාට බරපතළ රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවන්හි පවා සඳහන් ව ඇතැයි ඔහු තව දුරටත් පැවසීය.

Source: Lanka C News

Labels:

මගේ පියා රටම සුවපත් කලා.. රටේම ජනතා ආශිර්වාදයෙන් ඔහු සුවපත් වෙයි - චතුර


රටම සුවපත් කල තම පියා රාජිත සේනාරත්න ජනතා ආශිර්වාදයෙන් සුවපත් වනු ඇති බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා තවදුරටත් වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවද ඔහු සඳහන් කළේය.

තම පියාගේ සුවදුක් බැලීම සඳහා ලංකා පුද්ගලික රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Source: Lanka C News

Labels:

Saturday, December 28, 2019

මැතිවරණයට මං තරග කරනවා.. ගෝටාභයට 2/3ක් අරන් දෙනවා - මෛත‍්‍රී

Gossiplanka News

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්න ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් තරග වදින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව පුළුල් සන්ධානය යටතේ බව ද ඔහු සඳහන් කර ඇත.

පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බවද පවසා ඇති සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉතා හොදින් රට පාලනය වන බවද පවසන සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයේදී මෙන්ම තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දීමට කැප වුණු බව ද සඳහන් කර තිබේ.

Source: Lanka C News

Labels:

මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ


පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සිය පවුල පිටින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු එහි ගොස් ඇත්තේ ඇමරිකානු සමාගමක රැුකියාවක් කිරීම සඳහාය.

කලින් සේවය කරන ලද ඇමරිකානු සමාගමේම නැවතත් ඔහු රාජකාරි කටයුතු කරන බවද වාර්තා වේ.

ඔහුගේ මෙම කටයුත්ත ගැන ශ‍්‍රී ලංකා රජය දැනුවත් නැත.

Source: Lanka C News

Labels:

රාජිත කියූ සුදු වෑන් චෝදනාව ඇත්තක් - හිරුණිකා සාක්‍ෂි දෙයි


ජනාධිපතිවරණයට පෙර හිටපු ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එල්ල වූ සුදු වෑන් චෝදනාව අසත්‍ය එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් ඇතැම් මිනිසුන් ඝාතනය කල බවත්, ඇතැම් මිනිසුන් අතුරුදහන් වූ බවත්, ඒවායින් පැහැරගෙන ගොස් දස වද දී තවමත් ජීවත් වන පිරිස් ද සිටින බවත් ඇය සඳහන් කළාය.

සුදුවෑන් කතන්දරයක් බොරුවක් නොවන බවත් එම කතාව මාධ්‍ය හමුවේ පැවසුවේ යැයි පරීක්ෂණ කළ යුත්තේ කළ පුද්ගලයන්ට නොව අදාළ චෝදනාව ගැන බවද ඇය සඳහන් කළාය.

මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සුදු වෑන් චෝදනාව බොරුවක් යයි සමාජයට පෙන්වීමට බව ද ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙක් පැහැරගෙන ගොස් කාමරයටක දමාගෙන බලහත්කාරකමස් කලේ යයි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මන්ත‍්‍රීවරියට විරුද්ද නඩුවක් මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් ඇත. එම පැහැරගැනීම සදහන් කැමරා දර්ශණද අධිකරණය හමුවේ පවතී.

Source: Lanka C News

Labels:

හිස්බුල්ලාගේ කාත්තන්කුඩි ෂරීයා විශ්ව විද්‍යාලය ආණ්ඩුවට පවරා ගනී


මඩකලපුව කාත්තන්කුඩියේ පිහිටි ‘බැටිකලෝ කම්පස්’ ආයතනය රජයට පවරා ගැනීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්විය.

ආයතන ආරම්භ කර ඇත්තේ සෞදි අරාබියෙන් ලැබුණු කෝටි 300ක මුදලකින් වුවද එම මුදල් ලැබුණු ආකාරය සැක සහිත බව යෝජනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත්තේ ද මේ ආයතනය රජයට පවරා ගන්නා ලෙසයි.

ඒ අනුව එම ආයතනය රජයට පවරා ගැනීම නුදුරු දිනකදි සිදුවීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

Source: Lanka C News

Labels:

රෝහල් ගතවීමට පෙර රාජිත චන්ද්‍රිකාගේ නිවසේ සැඟව සිටි බවට හෙළිදරව්වක්


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රෝහල් ගතවීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ නිවසේ සැඟව සිටි බවට තොරතුරු අනාවරණ වී ඇති බව සිංහලයේ අපි ජාතික සංවිධානය ප්‍රකාශ කරනවා. ඊයේ (27) කොළඹදී  මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.

එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චන්දරතන හිමියන් මෙසේද ප්‍රකාශ කළා.

රාජිත සේනාරත්න මහත්තයා නත්තල් පප්පා වගේ සන්ග්ලාස් දෙකක් දාගෙන තොප්පියක් දාගෙන හොරෙන්ම ඇවිල්ලා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් වෙලා තියෙනවා.

ඇතුලත් වෙන්න කලින් එතුමා කොහෙද හිටියෙ කියලා හොයලා බලන කොට අපිට දැනගන්න ලැබුන තොරතතුරු වලට අනුවනම් එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරක්ෂාව සහිතව ටොරින්ටන් ප්‍රදේශයේ එතුමියගේ නිවසේ ගත කළාය කියන කාරනාව තමයි දැන් සමාජයේ කතිකාවකට ලක්වෙන්නෙ.

ආණ්ඩුවටත් අපි අනතුරු අඟවනවා. ආණ්ඩුවට මේක දේශපාලන දඩයමක් විදියට චෝදනාවක් විඳින්න සිද්ධවෙලා තියෙන්නෙ රාජිත සේනාරත්න මහත්තයලට, චම්පින රණවක මහත්තයලට තියෙන විශාල ප්‍රමාණයේ වංචා දූෂණ පිළිබඳ චෝදනා පැත්තකට දාලා මේ සිල්ලර කාසිවල ප්‍රශ්න දෙක තුනක් අරගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන නිසා තමයි මේක දේශපාලන දඩයමක් විදියට සළකන්නේ.


Source: Neth Gossip

Labels:

සිංහල බෞද්ධයන් විනාශ කරන්න බලගතු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අගමැති


(වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී සමස්ථ ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත)

අද මේ රටේ දහම් පාසල්වල ඉගෙනගන්නේ, සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය ඉදිරියට ගෙනයන්න ඉන්න පරම්පරාවයි. අපි පහුගිය අවුරුදු කිහිපය තුළ දැක්ක, බෞද්ධ ගිහියන්ගෙන් සැලකිය යුතු පිරිසක් පන්සලෙන් ඈත්වීම නිසා, ධර්මයෙන් ඈත්වීම නිසා, මහා සංඝරත්නයෙන් ඈතිවීම නිසා, මේ රටට සිද්ධ වුනු විනාශය. බෞද්ධයන් විසින්ම බෞද්ධකමට ගරහන එක, සිංහලකමට ගරහන එක ‘ස්ටයිල්’ එකක් බවට පත්වුනා. සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයන් පවා සිංහල බෞද්ධයන්ට, මහා සංඝරත්නයට  ප්‍රසිද්ධියේ අවමන් කලා.

මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගෙම ජාතියට ආගමට ගරහන්නෙ නැහැ. මේ රටේ සිංහල බෞද්ධ පවුල්වල ළමුන් අතරින් සැලකිය යුතු පිරිසක් දහම්පාසල්වල ලියාපදිංචි වෙලා හිටියත්, දහම්පාසල්වලට ඇත්තටම එන පිරිස ඊට වඩා අඩුයි. වර්තමානයේ, අපි ඉරිද දවස්වල පවත්වන දහම්පාසල් ක්‍රමය පටන්ගත්තේ 1895. නමුත් මේ ඉරිද දිනවල පවත්වන දහම්පාසල් ඇතිවෙන්නත් කලින් පන්සල කියන්නේ බෞද්ධ ගිහියන්ට අධ්‍යාපනය සපයපු තැනක්. ලංකාව යටත් විජිත බලවතුන්ට නතුවෙන්න කලින්, අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුනේ පන්සලයි.

ඊට පස්සේ ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයන්වල මේ රටේ ඇති වුනා ගිහි පාසල් ක්‍රමයක්. ඒකත් එක්කම ලෝකයත් කලින් තිබුනට වඩා සංකීර්ණ වුනා. එන්න එන්නම පුළුල්වන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවුනා. ඉතින් අද ‍වෙනකොට සාමාන්‍ය පාසල් ක්‍රමය වෙනම තියනවා. දහම් පාසල් ක්‍රමය වෙනම තියනවා. පාසල්වලත් බුද්ධාගම විෂයක් හැටියට උගන්වන බව ඇත්ත. නමුත්, ළමා පරපුර බුද්ධ දර්ශනයට, බෞද්ධ දිවිපෙවෙතට, බෞද්ධ සම්ප්‍රදායට, පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. බෞද්ධ පවුල් පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. අපේකම, සිංහල බෞද්ධ සභ්‍යත්වය, අපේ සම්ප්‍රදායන්, දේශීයත්වයට ඇති නැඹුරුව, ඔක්කොම රඳා පවතින්නේ ගිහි ප්‍රජාවත් පන්සලත් අතර පවත්වන සම්බන්ධය උඩයි.

මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියල තියනවා දහම්පාසලෙන් වෙන්න ඕන පොතේ දැනුම ලබා දීමටත් වඩා, ළමයෙකුගේ පෞර්ෂත්වය, චින්තන රටාව ගොඩනගන එකයි කියලා. විභාග සමත් වීම නොවෙයි දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ වෙන්නෙ. ඒකෙ අරමුණ වෙන්නෙ බෞද්ධ ගුණාංග වලින් හෙබි පුද්ගලයෙක් බිහි කරන එකයි. මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ දහම්පාසලෙන් ළමුන් තුළ ඇති කරන්න ඕන ගති පැවතුම් පහක් ගැන කියල තියනවා.

පලමුව, සිල් පද පහ අනුගමනය කරල පෝය දවස්වල අටසිල් සමාදම් වීම. දෙවනුව, මහා සංඝ රත්නයට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම. තුන්වනුව, සරළ දිවිපෙවෙතකට හුරුවෙලා අසල්වාසීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්න හුරු කිරීම. හතරවනුව, හික්මීම, මනා හැසිරීම් රටාවක් හා ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීම. පස්වනුව, දේශීයත්වයට නැඹුරු වූ, බුදු දහම ගැන භක්තියක් ඇති, ජාතික වාදී හැඟීමකින් යුක්ත තරුණ පරපුරක් ඇති කිරීම. අදටත් ඒ වචන වලංගුයි. පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියපු ඒ බෞද්ධ තරුණ පරපුර බිහිකරන්න පුළුවන්වෙන විදියට දහම් පාසල් ක්‍රමය හා ඒවායින් කරන වැඩසටහන් දියුණු කරන්න ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන  විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව. සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල,  දෙමළ, ක්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුනාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ, මේ රටේ දහම්පාසල් අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. සිද්ධ වෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක. ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රෙව්ශය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. දහම් පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන. ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

අද අපි මෙතනට රැස්‍වෙලා ඉන්නේ මුළු දිවයින පුරාම දහම් පාසල් අතර සිදු කෙරෙන තරඟයක ත්‍යාග ප්‍රදානෝත්සවයට. මේ තරඟයට සහභාගී වුන සහ නොවුන සියළුම දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම සුභ පතනවා.

Source – MR Media

Labels:

රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කෙරේ


රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසා සිටියේ.

වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ කෙරුණා. එම සිද්ධීන් අනාවරණ කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා ද මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ ජනතාව මුහුණ දෙන ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙල පිළිබද එහි වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මෙලෙස අදහස් පළ කළා.

මේ සම්බන්දයෙන් සති දෙකක් ඇතුලත වැඩපිළිවෙලක් සකස් කිරීමට අවදානය යොමුවී ඇත . ඉදිරියේදී මෙවැනිම රජයේ ආයතනවලට පැමිණ මහජනතාවගේ පහසුව සඳහා සෑම ආයතනයකටම වැඩපිළිවෙලවල් නිර්මාණය කිරීමට අවදානය යොමුවී ඇති බව වාර්තා වෙනවා.

Source: Lanka C News

Labels:

රියදුරු බලපත්‍ර සකස් කළ පසු දැනුම්දෙන අලුත්ම ක්‍රමවේදයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර සඳහන් කළේ රියදුරු බලපත්‍ර සකස් කළ පසු අදාළ පුද්ගලයාට එය දැනුම්දීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්නා බවයි.

රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබනවා.

එමඟින් රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් අපහසුතාවයට පත් නොවන අතර, සිය දෙපාර්තමේන්තුවේ කටයුතුද කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Source: Hiru News

Labels:

රාජිත ගස්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි


ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශය කිරීමට සූදානමින් සිටී.

අද දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම අවස්ථාව ඉල්ලා සිටියද ඊට අවස්ථාව නොලැබෙනේය.

අධිකරණය කියාසිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීමෙන් පසු එවන් ප්‍රකාශයක් කළ හැකි බවයි.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ අදාළ නඩුවේ දී රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවන් ලෙස මෙම දෙදෙනා කටයුතු කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට පෙර වැරදි සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුවේ සියල්ල තමනට ලියා දුන්නේ රාජිත සේනාරත්න මහතා බවත් ඒ සදහා ලක්‍ෂ 10 බැගින් මුදල් දුන් බවත් ඔවුන් දැනටමත් අධිකරණයට ප‍්‍රකාශ කර ඇත.

Source: Lanka C News

Labels:

දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA


දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව අහිමි කිරීම ජාතීන් අතර සුහදතාවය අහිමිවීමට කාරණාවක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්නට එපා යැයි කියන්නේ නම් එහි තේරුම වන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගීය කිව යුතු නැති බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව බොහොම සන්තෝෂයෙන් ජාතික ගීය කිරීම අතහැර දමන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Source: Lanka C News

Labels:

Friday, December 27, 2019

රන්ජන් රාමණායකගේ උසස් පෙළ ප්‍රතිපලය මෙන්න


හිටපු අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා. ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙන්.

මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබෙනවා.

එම ප්‍රතිපල ලේඛණය පහතින්





Source: Neth News

Labels:

රාජිත ලෙඩ පිටින්ම රිමාන්ඩ් කෙරේ.. නව ලිපිනය ‘බන්ධනාගාරය-වැලිකඩ’..


හිටපු ඇමැති රාජිත සේනාරත්න දෙසැම්බර් මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තවදුරටත් එම රෝහලේම නතර වී ප්‍රතිකාර ලැබීමට නියමිතව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මතයි.

ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් කරන පරීක්‍ෂණ සදහා මෙම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කර ඇත.

Source: Lanka C News

Labels:

නාටක හමරායි.. රාජිත ලෙඩ ඇදේදීම අත්අඩංගුවට ගනී..


හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නැවතී සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් ඔහු හමුවට ඔහු රෝහලෙන් බැහැරව ගෙන යාමට නොහැකි නිසා මහේස්ත්‍රාත්වරයකු සිටින ස්ථානයට පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර ඔහු විසින් සංවිධානය කරන ලද ආන්දෝලානාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ සෙසු පුද්ගලයන් විසින් අධිකරණයට පවසා ඇත්තේ එකී මාධ්‍ය හමුවේ පැවසූ කරුණු අසත්‍ය බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් සටහන් කර දුන් තොරතුරු පැවසූ බවත්ය.


Source: Lanka C News

Labels: ,

සුදු වෑන් මාධ්‍ය හමුවට එක්වූ රියදුරන් දෙදෙනාට අද අධිකරණයේදී ලැබුණු තීන්දුව


පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජනවාරි මස 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමය නියෝග කොට තිබෙනවා.

ඒ අදකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදී අවන්හලකදීයි.

Source: Neth Gossip

Labels:

ඉන්දියානු සංචාරය මාලිංගයට තීරණාත්මකයි - තරඟාවලිය පැරදුනොත් නායකත්වය අහිමිවෙයි.?


ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංගට අභියෝගාත්මක තරගාවලියක් බවට පත්ව ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එම තරගාවලියේ ප‍්‍රතිඵලය අනුව මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ගැනීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.
 ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන ජනවාරි මස 5 වැනිදාත් දෙවැනි තරගය 7 වැනිදා සහ තුන්වැනි තරගය 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සංචිතය ද මේ වන විට නම් කර ඇති අතර ශ‍්‍රී ලංකා සංචිතයද මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ. ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ක‍්‍රීඩා කළ සංචිතයම ඉන්දියානු සංචාරයටත් සහභාගි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වුවත් නිල සංචිතය තවමත් ප‍්‍රකාශ කර නොමැත.

 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා තවමත් ස්ථිර නායකයකු පත්කර නැති බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා කිහිප වරක්ම පැවසුවද ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා වශයෙන් ලෝක කුසලාන ඉලක්කයට යමින් සිටියි.

නමුත් ඔහුගේ නායකත්වයේ ප‍්‍රතිඵල මේ වන විට ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතර මාතෘකාවට බඳුන්ව තිබේ.

කෙසේ වෙතත් විස්සයි විස්ස කණ්ඩායමට ලසිත් මාලිංග අවශ්‍යම ක‍්‍රීඩකයකු බවත් ඔහුගේ නායකත්වය යටතේ කණ්ඩායම එක දිගට පරාජය වීම හේතුවෙන් නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ගැනීමට නියමිත බවත් ක‍්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුැටත් සඳහන් කරයි

Source: Neth Gossip

Labels:

රාජිත සිංගප්පූරු ගෙන යන්න සැරසේ.. පවුලේ මෙහෙයුම් වේගවත් කෙරේ


හෘදයාබාධයක් ඇතිවූ බව කියමින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ හෘද සත්කාර ඒකකයේ රැඳී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවට ගෙනයාම සඳහා ඔහුගේ පාර්ශ්වය උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි.

සේනාරත්න මහතාට මෘද සැත්කම සිදු කරන ලද්දේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට නිසා එම වෛද්‍යවරුන් යටතේ ඉදිරි ප්‍රතිකාරද ලබා ගත යුතු බවට නිර්දේශ ලබා දෙන්නයි මේ අනුව ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතව ඇත.

ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවට ගෙන යාම සඳහා කටයුතු වේගයෙන් සූදානම් වී ඇති බවයි.

කෙසේ වෙතත් රටින් පිටවීම තහනම් නර ඇති ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනටමත් නියෝග කර ඇති අතර අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීමද තහනම් වී ඇත.

යම් ලෙසකින් ඔහු විදේශගත වන්නේ නම් ඔහුට අධිකරණයෙන් ඒ සඳහා අවසර ලබාගැනීම අනිවාර්ය වී ඇත.

Source: Lanka C News

Labels:

රාජිත සැගවී සිට ඇත්තේ පාර්ලිමේන්තු ප‍්‍රබලයාගේ නිවසේ


හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන්නෙකු ගේ වාහනයකින් බව වාර්තා වෙයි.

එම වාහනයේ රියදුරා ලෙස කටයුතු කළ කර ඇත්තේ එම පුද්ගලයාගේ පෞද්ගලික රියදුරා ලෙස වසර ගණනාවක් සේවය කළ පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ දී රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිවසේ ද සැගවී සටි ඇති අතර සිය වරප්‍රසාද භාවිත කරමින් ඔහු රාජිත සේනාරත්න සඟවාගෙන සිට ඇතැයිද හෙලි වී ඇත.

Source: Lanka C News

Labels:

ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා


නව ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවන්නට පෙර දේශපාලන දඩයම ආරම්භවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දී ඇත්තේ ඒ සදහා නොව රට ඉදිරියට ගෙන යාම සදහා යයිද ඔහු පැවසීය.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා පැත්තක තනිකර ගමන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පෙර පුරුදු වැඩ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

දේශපාලන දඩයම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Source: Lanka C News

Labels:

රාජිත සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන්


ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද්දේ සමාජයේ පෙදු යහපත වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එම මාධ්‍ය හමුවේ දී හෙළි වූ සුදු වෑන් සිද්ධි ගැන විමර්ශන නොකර එය සංවිධානය කළ රාජිත සේනාරත්න මහතා ගැන විමර්ශනය කිරීම භාෂණයේ නිදහස සීමා කිරීමක් බවද ඔහු සඳහන් කරයි.

අදාල පුද්ගලයින් දෙදෙනා සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සලසා දෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවී කර තිබූ ඉල්ලීමක් මත එය සිදු කර ඇත්තේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් බව ද කාරියවසනම් මහතා පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාල මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී ඇත්තේ එම මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ඒවා රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දෙන ලද ඒවා බවත්ය.

මේ බව රහස් පොලිසිය විසින් අධිකරණයට ද වාර්තා කර ඇත.

Source: Lanka C News

Labels:

පොලිසියට වැලි ගසා රාජිත සැගවී සිටියේ අගමැති මහින්දගේ නිවසේ…?


අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්තේ නම් රහස් පොලිසිය යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රහස් පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ආණ්ඩුව විසින් රාජිත සේනාරත්න මහතා රැුකගන්නා ගමන් එම නිලධාරීන් රස්තියාදු කරවන බවද ඔහු කියා සිටියේය.

පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුවන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.


Source: Lanka C News

Labels:

Thursday, December 26, 2019

ගිනි ගත් නෞකාවේ කපිතාන් ඇතුලු කාර්යමණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරඹෙයි


හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන ලද හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තුවක්ද නිකුත් කර ඇතත් දින කිහිපයක් තිස්සේම ඒ මහතා පොලිස් කට්ටි පනිමින් සැඟවී සිටියේය.

එම අවස්ථාවට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ලංකා පෞද්ගලික රෝහලට මන්ත්‍රීවරයා ඇතුළු කර සිටී.

ඔහු සිටින තත්වය මත අත්අඩංගුවට ගත්තද රෝහලෙන් බැහැරට ගෙන යාමට වෛද්‍ය අනුමැතිය නොලැබුනතොත් මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ඇත.

Source: Lanka C News

Labels:

වරෙන්තුවට කට්ටි පනිද්දී රාජිතට හෘදයාබාදයකින් අසාධ්‍යයි.. රෝහල්ගත කෙරේ.. හෘද සැත්කමකට සූදානම්


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු මෙසේ රෝහල් ගත කර ඇති අතර දැනට මන්ත්‍රීවරයා එම රෝහලේ හෘද රෝගී ඒකකයේ හදිසි සැත්කමක් සඳහා සූදානම් කරමින් ඇතැයිද සදහන්ය.

අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර ඇති සේනාරත්න මහතා දින කිහිපයක්ම පොලීසියටත් කට්ටි පනිමින් සිටියදී මෙසේ හෘදයාබාධයක් වී තිබේ.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්වය මත රෝහලෙන් බැහර ගෙන යාම අපහසු තත්වයක ඇතැයිද වාර්තා වේ.

Source: Lanka C News

Labels:

චම්පික තවත් හිරවෙයි.. පොලිස් ලොක්කන් 07කගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඊලගට පූජිත ජයසුන්දරගෙන්



2016 වසර දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර පිළිබඳව හිටපු ඇමැති චම්පික රණවකට එල්ලවී ඇති චෝදනාව ගැන ඉහල පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් පති පූජිත ජයසුන්දරගෙන්ද මේ සම්බන්ධයෙන් ‍ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති තවත් ප්‍රබලයකි.

ඔහුව එම අනතුර සිදුවන කාලයේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

Source: Lanka C News

Labels:

චතුරත් අතුරුදහන්.. දුරකතනය වෙන කෙනෙකුට හරවලා.. රාජිතගේ කට්ටි පැනීම් සංවිධායක ඔහුයි



හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා නිවසින් අතුරුදහන්වී සිටි.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවාස දෙකකට ගිය අවස්ථාවේ දී එම නිවාසවල චතුර සේනාරත්න මහතාද සිට නැත.

චතුර සේනාරත්න මහතාගේ ජංගම දුරකතනය වෙනත් පුද්ගලයෙකුගේ දුරකථනයකට සම්බන්ධ යොමුකර ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ චතුර සේනාරත්න මහතා විසින් රාජිත සේනාරත්න මහතාගේ කට්ටි පැනීම් සංවිධානය කරමින් සිටින බවයි.

Source: Lanka C News

Labels:

චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි



කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ගරු කථානායකතුමන් විසින් සිය මතය ප්‍රකාශ කිරිමත් , එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව ඇත.

මෙම සිද්ධියේදී ගරු කථානායකතුමන් විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රිමවේදය අනුගමනය කළ යුතු බවයි.

මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී ගරු කථානායකතුමන් එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත.

නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. ( මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර දැනටද අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද මේ වනවිට දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)

සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් ගරු කථානායකතුමන් සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.

වර්තමානයේ මෙන්ම අනාගතයේද සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනු ඇත. කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් පසුබට නොවනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය
Source: Lanka C News

Labels:

හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති…


තමන් නැවතුණු හෝටලය ඉතාමත් අපිරිසිදු බවත් දුර්ඝන්ධයෙන් පිරී තිබූ බවත් පවසමින් නෙදර්ලන්ත සංචාරකයන් තිදෙනෙකු විසින් දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිල්ල පොලිසියට කර තිබේ.

දින තුනක් සදහා රුපියල් හැටදහසක මුදලක් ගෙවා මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන ඇත.

නමුත් එය ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවති බව සංචාරයකන් විසින් පැමිණිලි කර ඇත.

වර්ෂාව හේතුවෙන් හෝටල් කාමරය තෙමුනු බවත් ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ඇතිවූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

Source: Lanka C News

Labels:

රාජිත ගෙදර ආවෙ නෑ - රාජිතගේ නිවසින් පොලිසියට දන්වයි..


රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා නිවසට නොපැමිණි බව රහස් පොලිසිය වෙත ඔහුගේ නිවසේ සිටින පුද්ගලයන් විසින් දැනුම් දී තිබේ.

කළුතර සහ කොළඹ ඉතින් ඔහුගේ නිවෙස් වෙත රහස් පොලිසියේ ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගන්නැයි නියෝග ලැබුණු දා සිට ඒ දක්වා කිසිම අවස්ථාවක සේනාරත්න මහතා එහි නොපැමිණි බවයි.

වරෙන්තුකරු අත් අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

Source: Lanka C News

Labels:

අනේ මාව සගවාගන්න.. මට හිරේ යන්න බෑ.. රාජිත එජාප මන්ත‍්‍රීන්ට රහස් ඇමතුම් දෙමින් වැද වැටේ


එළැඹෙන 30 වනදා තෙක් හෝ දිනයක් හෝ තමන් සඟවා තබා ගන්නා ලෙස හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇත.

දැනට වරෙන්තු පිට පොලිසියෙන් කට්ටි පනිමින් සිටින ඔහු වෙනත් පුද්ගලයන්ගේ දුරකථන මගින් තමනට හිතවත් එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අමතා සදහන් කර ඇත්තේ 30දා තමන්ගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බලන තෙක් තමන් සඟවාගන්නා ලෙසයි.

නමුත් එම සියලු මන්ත්‍රීවරුන් විවිධ හේතු කියමින් මෙම අවස්ථාව මග හැර තිබේ.

කෙසේ නමුත් හිටපු ඇමැතිවරයා තම උත්සාහය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඇතැයි වාර්තා වේ.

Source: Lanka C News

Labels: