හිස්බුල්ලාගේ කාත්තන්කුඩි ෂරීයා විශ්ව විද්‍යාලය ආණ්ඩුවට පවරා ගනී
මඩකලපුව කාත්තන්කුඩියේ පිහිටි ‘බැටිකලෝ කම්පස්’ ආයතනය රජයට පවරා ගැනීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්විය.
ආයතන ආරම්භ කර ඇත්තේ සෞදි අරාබියෙන් ලැබුණු කෝටි 300ක මුදලකින් වුවද එම මුදල් ලැබුණු ආකාරය සැක සහිත බව යෝජනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත්තේ ද මේ ආයතනය රජයට පවරා ගන්නා ලෙසයි.
ඒ අනුව එම ආයතනය රජයට පවරා ගැනීම නුදුරු දිනකදි සිදුවීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
Source: Lanka C News
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home