රියදුරු බලපත්ර සකස් කළ පසු දැනුම්දෙන අලුත්ම ක්රමවේදයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර සඳහන් කළේ රියදුරු බලපත්ර සකස් කළ පසු අදාළ පුද්ගලයාට එය දැනුම්දීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්නා බවයි.
රියදුරු බලපත්රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබනවා.
එමඟින් රියදුරු බලපත්ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් අපහසුතාවයට පත් නොවන අතර, සිය දෙපාර්තමේන්තුවේ කටයුතුද කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Source: Hiru News
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home