Friday, December 27, 2019

ඉන්දියානු සංචාරය මාලිංගයට තීරණාත්මකයි - තරඟාවලිය පැරදුනොත් නායකත්වය අහිමිවෙයි.?


ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංගට අභියෝගාත්මක තරගාවලියක් බවට පත්ව ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එම තරගාවලියේ ප‍්‍රතිඵලය අනුව මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ගැනීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.
 ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන ජනවාරි මස 5 වැනිදාත් දෙවැනි තරගය 7 වැනිදා සහ තුන්වැනි තරගය 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සංචිතය ද මේ වන විට නම් කර ඇති අතර ශ‍්‍රී ලංකා සංචිතයද මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ. ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ක‍්‍රීඩා කළ සංචිතයම ඉන්දියානු සංචාරයටත් සහභාගි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වුවත් නිල සංචිතය තවමත් ප‍්‍රකාශ කර නොමැත.

 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා තවමත් ස්ථිර නායකයකු පත්කර නැති බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා කිහිප වරක්ම පැවසුවද ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා වශයෙන් ලෝක කුසලාන ඉලක්කයට යමින් සිටියි.

නමුත් ඔහුගේ නායකත්වයේ ප‍්‍රතිඵල මේ වන විට ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතර මාතෘකාවට බඳුන්ව තිබේ.

කෙසේ වෙතත් විස්සයි විස්ස කණ්ඩායමට ලසිත් මාලිංග අවශ්‍යම ක‍්‍රීඩකයකු බවත් ඔහුගේ නායකත්වය යටතේ කණ්ඩායම එක දිගට පරාජය වීම හේතුවෙන් නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ගැනීමට නියමිත බවත් ක‍්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුැටත් සඳහන් කරයි

Source: Neth Gossip

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home