ගුවන් යානා අනතුරින් මිය ගිය රණවිරුවන් හතර දෙනා මෙන්න
අද උදේම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉන්න හැම කෙනෙක්ගෙම දෑස්වලට කඳුළු ගෙන ආව ඒ කණගාටුදායක පුවත ගැන ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ. හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී කඩාවැටුණු ගුවන් යානයේ සිටි සිව් දෙනාම ඒ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිහිල්ලා තිබුනා. මෙහෙම අනතුරට ලක්වෙලා තිබුනේ වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක්.
අනතුරෙන් මෙහෙම මියගිහිල්ලා තියෙන්නේ ගුවන් නියමුවන් දෙදෙනෙක් හා ගුවන් නිරීක්ෂකයින් දෙදෙනෙක් බවත් ඒ වෙද්දී ඔවුන් ගුවන් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරලා තියනවා. ඒ වගේම මේ වෙද්දී අනතුරට පත් හෙලිකොප්ටර් යානාවේ සිටි සියලුදෙනාගේම සිරුර හඳුනාගෙන තිබෙනවා.
එහි සිටි එක් නිලධාරියෙක් සම්බන්ධව කනගාටුව පළකරමින් පෝස්ට් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය අතරේ සංසරණය වෙනවා. ඔහුගේ නම ලංකාපුර කුලතුංග. ඒ ගොඩක් ඒවා ඔහුගේ හිත මිතුරන් වගේම එකට සේවයේ නිරතවන යහළුවෝ පලකළ ඒවා බව තමයි පෙන්නේ. ඔහු නුවර ධර්මාජ විද්‍යාලයේ ආදීශිෂ්‍යයෙක්. ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් පුහුණුව ලැබූ අයෙක්. බොහොම ශක්තිමත් හැඩිදැඩි කඩවසම් තරුණයෙක්.
ඔහු විතරක් නෙමෙයි අනතුරෙන් මියගිය අනෙක් සිව් දෙනාත් එලෙසම ජවයෙන් පිරුණු ශක්තිමත් තරුණයින් . ඔවුන් ගැන තවමත් ලොකු සඳහනක් කරන්න තරම් පුළුවන්කමක් නැති වුනත් හැකි ඉක්මනින් ඔවුන් ගැනත් කියන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඉතින් රටක් හඬවමින් අද අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය මේ වීර පුතුන් සිව්දෙනාට නැවතත් කිසිම භාවයක මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට නොලැබේවායි අපි පතමු. ඔබ සියල්ලන්ටම නිවන් සුව!!
Source: Mawbima
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home