Thursday, June 03, 2021

අභියෝග ජයගනිමින් ඉදිරියට යන්න සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි



ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.


  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  1. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  2. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  3. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  4. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  5. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්


Labels:

Wednesday, June 02, 2021

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක්‍රියාත්මකයි – ක්‍රමය මෙන්න



දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව නිවසකින් එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

07 වනදායින් පසු රැකියා සඳහා යාමට අවසර ඇතත් සෙසු පුද්ගලයන්ට අවසර ලැබෙන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව එක් අයෙකුට අත්‍යවශ්‍ය කාරණා සදහා නිවසින් බැහැරවිමට පමණක් බවද ඔහු කියා සිටියේය.

දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබූ කාල සීමාවේ ප්‍රතිඵල එළැඹෙන 10 වෙනිදායින් පසු දැකගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Labels: