Thursday, June 03, 2021

අභියෝග ජයගනිමින් ඉදිරියට යන්න සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි



ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.


  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  • නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  1. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  2. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  3. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  4. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්
  5. නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්


Labels:

Wednesday, June 02, 2021

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක්‍රියාත්මකයි – ක්‍රමය මෙන්න



දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව නිවසකින් එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

07 වනදායින් පසු රැකියා සඳහා යාමට අවසර ඇතත් සෙසු පුද්ගලයන්ට අවසර ලැබෙන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව එක් අයෙකුට අත්‍යවශ්‍ය කාරණා සදහා නිවසින් බැහැරවිමට පමණක් බවද ඔහු කියා සිටියේය.

දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබූ කාල සීමාවේ ප්‍රතිඵල එළැඹෙන 10 වෙනිදායින් පසු දැකගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Labels:

Monday, May 31, 2021

ගිනි ගත් නෞකාවේ කපිතාන් ඇතුලු කාර්යමණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරඹෙයි - PHOTOS


රංගනය ගැන තිබුණු සිහිනය ගැන ඇය මතකය ආවර්ජය කළා…

පොඩි කාලේ ඉඳන් නිර්මාණශීලි දේවල් වලට මගේ වැඩි කැමැත්තක් තිබ්බා. පාසල් කාලයේ සහ විශ්වවිද්‍යාලයේදී පවා මම සංගීතයට නර්තනයට සහ ක්‍රීඩාව වැනි බාහිර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. රංගනයට තමා මට එතරම් අවස්ථාවක් නොලැබුණේ. නමුත් මම ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල ඉන්න කොට මගේ ආසාවට මම රංගනය ගැන තියෙන වැඩමුළුවකට සහභාගි වුණා. එතැනින් පස්සේ රංගනයට තිබ්බ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා හිතුවා ලංකාවට ආවට පස්සේ කොහොම හරි රංගනයට එන්න ඕනේ කියලා.

සකුගේ ලෝකයේ “දැහැමි” වෙන්න ඇයට වාසනාව ලැබුණේ මේ ආකාරයටයි.

මේ නාට්‍යයට අලුත් මුහුණු හොයනවා කියන දැන්වීමක් මට යාළුවෙක් තමා එව්වා. මම ඉතින් තිර පරීක්ෂණයට සහභාගි වුණා. ගොඩක් දෙනා ඇවිල්ලත් හිටියා. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. තිර පරීක්ෂණයේ පටන් අද මේ මොහොත දක්වාම මට ගොඩක් දෙනා මුණ ගැහුණා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අය වගේම නවක දක්ෂ රංගන ශිල්පින් ශිල්පිනියන්. ඉතින් ලොකු අත්දැකීමක් ලබනවා. ගොඩක් සතුටුයි ප්‍රියන්ත කොළඹගේ සර්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.

දැහැමිගේ චරිතය නපුරු වුණත් ගයත්‍රී කියන්නේ සංවේදී කෙනෙක්…

ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. දැහැමි කියන චරිතය සැර නපුරු චරිතයක්. මට ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද දැහැමි සහ ගයත්‍රී කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. මම ඇත්ත ජිවිතේ ගොඩක් සංවේදී කෙනෙක්. ඒ නිසා මට ලැබුණු පළමු චරිතයම මට ලොකු අභියෝගයක්. හැබැයි මම ඒ චරිතයට කැමතියි. ඒ තුළින් මට මගේ රංගන හැකියාව පෙන්නුම් කරන්න පුළුවන් කියලා දැනෙනවා.

ගෙදරිනුත් ගයත්‍රීට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

අම්මා, අප්පච්චි මට පොඩි කාලේ ඉඳලම නිදහස දුන්නා, යායුතු මාර්ගය පෙන්වා දුන්නා. ඒ අනුව මම පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගත්තා. ඒ නිසා මම කරන දේ ගැන අම්මා අපපච්චි තුළ පැහැදීමක් තියෙනවා. ඒ වගේම මගේ හැකියාවන් ගැන අවබෝධයක් තියෙන නිසා මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා.

රංගනයට වගේම ගයත්‍රීට ගායනා කරන්නත් පුළුවන්…

මම සංගීතය ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා සින්දු කියන්නත් පුළුවන්. මේ වෙද්දී මගේම සින්දුවක් කළා. “දුකක් නැති අහසක්” ඒක ලිව්වේ කපිල එම් ගමගේ මහතා සංගීතවත් කරේ දර්ශන වික්‍රමතුංග අයියා. තව ඉස්සරහට සින්දු කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.

ආදරය ගැන ගයත්‍රී දකින්නේ ටිකක් වෙනස් විදිහට.

මට ආදරය ගැන තියෙන්නේ වෙනම ආකල්ප වගයක්. දැන් ආදරය කියලා ගොඩක් අය කරන්නේ අයිතිකර ගැනීමක්. මම කැමති නැහැ ඒ ආදරයට. ආදරයට හොඳම උදාහරණය යශෝධරා සිද්ධාර්ථනේ. ඒ වගේ ආදරයක් මේ කාලයේ හොයන්න බෑනේ. ඒ නිසා දැනට මම ආදරවන්තියක් නෙවෙයි. හැබැයි තනියම ඉන්න එක ගැන සතුටක් තියෙනවා.

නැවත විදෙස්ගත වෙන්න නම් ඇය තුළ අදහසක් නැහැ…

මම මේ වෙද්දී වැඩි කාලයක් හිටියේ රට. ලංකාවට ඇවිත් මාස අටක් වගේ වෙන්නේ. ඒ නිසා ආයේ මම රට යන්නේ නැති වෙයි. ලංකාව තුළ දිගටම ඉන්නවා කියන අදහස තමා තියෙන්නේ.

අනුෂා රණසිංහ

Labels: , ,

Sunday, May 30, 2021

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැදුනුම්පත් පමණක් භාවිත කර ගමන් කිරීමට අවසර



සෞඛය සේවයේ නිරත වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රාජකාරි හැදුනුම්පත පමණක් භාවිත කර ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මීට පෙර දැනුම් දී තිබුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද රාජකාරි හැදුනුම්පත සහ ආයතනය මගින් නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කල යුතු බවයි.

වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත එලෙස ආයතන මගින් ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පොලිස්පති වරයා වෙත දන්වා තිබෙනවා. ඒ අනුව ලිපියකින් තොරව රාජකාරි හැදුනුම්පත පමණක් භාවිත කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ගමන් කිරීමට අවසර ලබා දිය යුතු බවයි පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතිතේ.



Labels: , ,

Wednesday, January 22, 2020

හිරුණිකාගේ හැදියාව දෝර ගලන 18+ තවත් හඬපටයක් පිටවෙයි


රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදුවූ තවත් දුරකථන සංවාදයක් අන්තර්ජාලයට එකතු කර තිබේ.

ඒ සිය දේශපාලන ප්‍රතිවාදීන් එකතු වී කාන්තාවක් ලෙස තමා සතු වටිනාම වස්තුව වන චරිතය ඝාතනය කරන්නේ යැයි ඈ පාර්ලිමේන්තුවේ ඉතාම ආවේගශීලී කතාවක් කර හොරා කිහිපයක් ගෙවී ගොස් ඇති අවස්ථාවකය.

මෙහිදී දෙදෙනා මර්වින් සිල්වා සමග කිසියම් දේශපාලන සාකච්ඡාවක් සඳහා ගොස් කටයුතු කරන ආකාරය සාකච්ඡා කරන අතර එහිදී වැඩිපුර හුවමාරු වන්නේ අතිශය අසභ්‍ය සංවාදය.


Source: Lanka C News

Labels:

Tuesday, January 21, 2020

පියුමි මගේ උපාය ධූතයෙක්, රන්ජන්ගේ පාර්ලිමේන්තු කතාව


අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අනාවරණයන් කිහිපයක් සිදුකරනු ලැබුවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේ_න්පානය කිරීම පිළිබඳව තමන් සොයාගත්තේ පියුමි හංසමාලි සමග කතාබහ කිරීමෙන් පසුව බවට රන්ජන් රාමනායක පවසනවා.

තමන් පියුමි හංසමාලිව යොදාගත්තේ උපාය ධුතයෙක් වශයෙන් බවටද රන්ජන් පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා. එමගින් කොකේ_න් පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධව තොරතුරු තමන් සතුව ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් අගමැතිවරයා තමන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධව කොමිසමක් පත් කිරීමට සූදානම් බවට මේ වනවිට වාර්තා වන නමුත් ඔහු එලෙස සිදුනොකරන බවට තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවට රන්ජන් රාමනායක පැවසුවා. එහිදී ඔහු පැවසුවේ ”’මේකට නඩු දාන්නෑ පුතා, මම දැන් කියනවා”’ කියායි. මොකද අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති දුරකථන සංවාදද තමන් සතුව ඇති බවට රන්ජන් මෙහිදී පැවසුවා.

ඒ කාලේ කෝල් කරලා මහින්ද මහත්තයා කිව්වා මම එළියේ ඉන්නේ එතුමා කියලා , ඒ දුරකථන සංවාදද මගේ ළඟ තියෙනවා යනුවෙන් රන්ජන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.



Source – මව්බිම

Labels:

Monday, January 20, 2020

මහ මැතිවරණයට රාජිතගේ බිරිඳ කළුතරින්, පුතා ගම්පහින්


මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න තරග නොකරන අතර ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න තරග කිරීමටත් තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව, ඇය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන්, කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි.

රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තුවෙන් සිටින අතර මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම්.

Source: Lanka C News

Labels: ,

ඇණයක් වෙමින් දුරකතන සමාගම් එවන ඇමතුම්, කෙටි පණිවුඩ තහනම්


මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත එම සමාගම් විසින් බලහත්කාරයෙන් එවන ලබන වෙළඳ දැන්වීම් කෙටිපණිවිඩ නතර කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙසත් නැතහොත් ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන්වා ඇත.

මෙවන් පණිවුඩ බාධා කරන බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් පාරිභෝගික ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන ඇත.

පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස සභා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

මෙම නියෝගය සඳහා මෙරට සියලු ජංගම දුරකථන කැමැත්ත පළකර ඇත.

Labels:

Saturday, January 18, 2020

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් යානයේදී කෝප්පයකට මුත්‍රා කර මගීන්ට ඉසලා


ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී ගුවන් යානාවක අසුන්ගෙන සිටි මගීන්ට පුද්ගලයකු කෝප්පයක තිබූ සිය මුත්‍රා ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධව ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණි මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ සිටියදී එම ක්‍රියාව සිදු කර තිබේ.

ඇය තමාට වැසිකිළියට යැමට අවශ්‍ය බව පැවසීම නිසා පොලිස්‌ භටයන් දෙදෙනා ඇගේ මාංචු ගලවා තිබේ.

අනතුරුව වැසිකිළියට ගිය එම කාන්තාව සිය මුත්‍රා කෝප්පයකට ගෙන මගීන්ට ඉස ඇත.

මේ නිසා ඇය අත්අඩංගුවට ගෙන ගුවන් යානාවෙන් බස්‌සා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව හෙළි වී නැත. ඊශ්‍රායලයේ රැඳී සිටීමේ අරමුණින් ඇය මෙම අශෝභන ක්‍රියාව සිදු කර ඇතැයි ඊශ්‍රායල් පොලිසිය කියයි.

Source – divaina

Labels:

රන්ජන් සහ හිරුනීකාගේ තවත් හඬපටයක් එයි.. තිත්ත කුණුහරුප වපුරයි..


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අතර තවත් හඬපටයක් සමාජ ජාලාවන් වෙත මුදාහැර තිබේ.

මන්ත‍්‍රීවරිය විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙවන හඬ පටයද ඉක්මවන තරමේ අසභ්‍ය වචන ඔවුන් දෙදෙනා අතර මෙම හඬ පටයේදී හුවමාරු වෙයි.

තුන්වන හඬ පටය පහතින්


Source: Lanka C News

Labels: